මේ විදිහට මේ feature එක enable වුනොත් වීඩියෝස් වලට පහලින් “Download” button එකක් දකින්න පුලුවන්. ඒ වගේම video browse කරද්දි එන video overflow menu එකෙනුත් download කරන්න පුලුවන්. YouTube navigation drawer එකෙන් හෝ youtube.com/feed/downloads කියන ලින්ක් එකෙන් මේ විදිහට download කරපු videos බලන්න හැකියාව තියනවා. මේ පිටුවෙ තියන settings වලින් offline videos මකන්නත් download quality එක තෝරන්නත් පුලුවන්. 360p සහ 4K qualities හැර අනික් ඕනම quality එකකින් මේ විදිහට videos download කරන්න හැකියාව ලබාදෙනවා.
YouTube සඳහන් කරල තියෙන්නෙ අවම දවස් 30කට සැරයක්වත් අන්තර්ජාලයට සම්බන්ධ වෙනවනම් මේ විදිහට download කරන videos ඕනම කාලයක් තියාගන්න පුලුවන් කියලයි. මේ විදිහට download වෙන videos, YouTube website එක මත නැතුව වෙනත් මාර්ගයකින් බලන්න ක්‍රමයක්නම් තවම ඇවිල්ල නෑ. මොනව උනත් තෙවන පාර්ශවික tool එකක් පාවිච්චි කරල YouTube videos download කරනවට වඩා මේ විදිහට YouTube මගින්ම video download කරගන්න හැකියාව ලැබෙන එක වඩාත් ආරක්ෂිතයි.
Post a Comment