Number Portability මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට එන ලකුණු

 Number Portability මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට එන ලකුණු

Number Portability
මාස කීපයකට කලින් සැලසුම් කරල තිබ්බ විදිහට TRCSL මගින් ශ්‍රී ලංකාවට mobile සහ fixed line number portability ලබා දෙන්නයි සූදානම් වෙන්නෙ. ඒ අනුව customersලට එයාලගෙ කලින් තිබ්බ numbers තියාගෙනම ඕනම service provider කෙනෙක්ට මාරු වෙන්න මේකත් එක්ක අවස්ථාව ලැබෙනවා.

මේ වනවිට Number Portability පහසුකම ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනව. මේ අනුව ඔබගේ දුරකථන අංකය තවදුරටත් එය සපයන හෝ අයත් වන සමාගමට පමණක් සීමා වන්නේ නැහැ. මෙය ව්‍යාපාර කටයුතු කරන වගේම පෞද්ගලිකව එක් අංකයක් භාවිතා කරන – දැනට දුරකථන ජාලය වෙනස් කරන්න අවශ්‍ය අයටත් අස්වැසිල්ලක් වෙනු ඇති. මෙහි අනෙක් කරුණ නම් සේවා සපයන සමාගම් වලටත් මේ මගින් දැඩි තරගකාරී ලෙස තමන්ගේ පාරිභෝගිකයන් රදවා ගැනීමට කටයුතු කිරීමට සිදුවීමයි.

TRCSL විසින් මේ අවුරුද්දෙ මුල Public Consultation Paper එකක් නිකුත් කරල මේ තාක්ෂණය පිලිබඳ ජනතාව දැනුවත් කරා වගේම එයාලගෙ අදහස් පවා එකතු කරගත්තා. අපි ඒ ගැන ලිපියකින් කතා කරා.

TRCSL අධ්‍යක්ෂ ඕෂද සේනානායක මහතා ප්‍රකාශ කර තිබුනෙ මේ තාක්ෂණය ලංකාවෙ දියත් කරන්නෙ පාකිස්ථානයේ විදුලි සංදේශන අධිකාරියේ මග පෙන්වීම එක්ක කියල, ඒ පාකිස්ථනයේ number portability තාක්ෂණය දියත් කිරීමේ තිබෙන සාර්ථකත්වයත් එක්කයි.

Number Portability


සේනානයක මහතා තවදුරටත් ප්‍රකාශ කර හිටියෙ මේ එක්ක service providersලට තමන්ගෙ සේවාවෙ ගුණාත්මකබව ගැන වැඩියෙන් හිතන්න වෙනව කියලත්, එයාල ඒක වැඩි දියුණු කරන්න පෙලඹෙන්න ඉඩ තියන බවත්, මොකද consumersලට අවශ්‍ය සේවාවක් කිසිම කරදරයක් නැතුව තොරගන්න පුලුවන් වෙන නිසා. Number Portability සේවාව ඔක්තෝබර් මාසයෙ සිට ලබාදෙන බව මේ වනවිට ප්‍රකාශ කරල තියෙනව.

-Hesara Januth. (This description was obtained from www.pcguide.lk.)